Tuesday, June 2, 2015

CCNA Switching and Routing Part 1 (Sinhala)

CCNA හැදින්වීම(Introduction to CCNA Switching and Routing)


බොහෝ අයට CCNA ඉගෙන ගැනීමට උවමනාව තිබුනත්, මුදල් අපහසුතා නිසා එය ඉගෙන ගැනීමට නොහැකිවී තිබෙනවා, සමහර අයට වෙලාවක් නොමැතිකමද මෙයට බලපානවා, සෑම අයෙකුටම මෙමගින් අපහසුතාවයකින් තොරව CCNA ඉගෙන ගැනීමට ඉඩ සලසාදීමයි මාගේ අරමුණ
මා මෙහිදී  CCNA පිලිබදව ලොකු විස්තරයක් කියන්නේ නෑ, අපි බලමු හැමෝම දන්න CCNA ගැන සමහරු නොදන්න කරුණු ටිකක්
හැමෝම CCNA Qualified කිවුවට මෙය කොටස් වශයෙන් වෙන කරන්න පුලුවන්, ගොඩක් අය CCNA exam pass උනත්, සම්පූර්ණයෙන් නම් නෙමෙයි, සමහරවිට මේක හිත ගන්න බෑ, මේක දන්නෙ නැති අයට,
මම කියනම් කියන්නේ මොකක්ද කියලා
CCNA කොටස් කීපයකට බෙදා වෙන් කල හැකි වෙනවා, ඒවා නම්
CCNA - Switching & Routing
CCNA – Wireless
CCNA - Voice
CCNA - Security

ගොඩක් අය CCNA ආරම්භ කරන්නේ CCNA – Switching and Routing මගින්, එය CCNA එක පරාසයක් පමණයි, නමුත් එය ප්රමාණවත්, මෙහිදී මාගේ මූලික අරමුණ වන්නේ CCNA 200-120 Switching and Routing පිලිබද මුල සිට අග දක්වාම ඔබට වැදගත්වන කරුනු පිලිවෙලින් ඉදිරිපත් කිරිමයි,
කොටස් වශයෙන් පිලිවෙලට මෙය ඉදිරියේදි සියලුම කරුණු සහිතව ඉදිරිපත් කිරිම මගින්, ඔබට CCNA තනිව උවත් හදරා විභාගය සමත් වීම පමනක් නොව, ඔබගෙ දැනුම වර්ධනයටත් ඉවහල් වනු ඇත

මෙහිදී පලමු කොටස් කීපයේදී මම Theory ඉදිරිපත් කරනවා, එහෙත් ඉන්පසු සියලුමදේ Theory + Videos ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා, CCNA ඉගෙන ගන්න උවමනාව තියනවනම්, පිලිවෙලින් සියල්ලම හැදෑරීම පමනයි කරන්න තිබෙන්නෙ, එහෙනම් අනිත් කොටසෙන් හමුවෙමු Theory සමගින්

0 comments:

Post a Comment

Facebook Fan Page

Popular Posts

Powered by Blogger.